කවුරුත් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඒ කියන්නේ කොන්ජුරින් එහෙම බලපු අය බලාගෙන හිටපු ෆිල්ම් එකක් මේ කොන්ජුරියන් ෆිල්ම් 2ක ගැන වගේම මේ ෆිල්ම් එක ගැනත් ලෝකෙම කතාබහාට ලක් වුනා. ඉතින් සුපුරුදු පරිදි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂනයත් Peter Safran හා James Wan. රංගන දායකත්වය Demián Bichir, Taissa Farmiga, Jonas Bloquet. මේ ෆිල්ම් එකේ IMDb අගය 5.7ක් ලබාගෙන තියනවා.
කතාව බලමු මේක හොල්මන් ෆිල්ම් එකක්. මේ කතාව 1952 රෝමානු කතෝලික කන්‍යා සොයුරියක් ගැනයි. මේ කන්‍යා සොයුරිය හිටියේ කර්ටා කියන දේවස්ථානයේ ඉතින් ඇය බෙල්ලේ වැලක් දාගෙන මැරිලා තිබුණා. ඇයගේ මිනිය හොයාගත්තෙ සති දෙකකට පස්සේ කන්‍යාරාමයට බඩු අරන් ආපු කාන්තාවක් එතකොටත් මිනිය ගදගහාන කපුටන්ගේ ගොදුරක් බවට පත්වෙලයි තිබුනේ, ඉතින් ආගමට අනුව දිවි තොර කර ගැනීම පාපයක්. විශේෂයෙන් මේ කන්‍යා සොයුරියකට. ඉතින් බොහෝ කටකතා නගරය පුරා පැතිරුනා. මේ සිද්දිය හොයන්න බර්ක් කියන පුජකවරයායි, සිද්දවෙන දේවල් දකින්න පුළුවන් බලයක් තියන අයිරින් කියන කන්‍යා සොයුරියයි කර්ටා වෙත ආවා. එවිට ඒගොල්ලොන්ට දකින්න පුළුවන් වුණා එල්ලිලා තිබ්බ මිනියේ එක අතක යතුරක් තියනවා. පුජකතුමා ඒ යතුර අරගන්නවා. එතනින් තමයි කතාව උඩු යටිකුරු වෙන්නේ. මොකක්ද මේ යතුර? ඇයි කන්‍යා සොයුරිය මැරුණේ? මොකක්ද මේ අභිරහස ඒ ගැන දැනගන්න බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි KORSUB HD පිටපත් සඳහා අදාළ වේ.