2018 ජුලි මාසයේ සිට තිරගතවීම් ආරම්භ වුන මෙම චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන්නේ James Mark. IMDb දර්ශකයේ 4.3ක අගයක් ලැබී තිබෙන මෙම චිත්රපටය සටන් ජවනිකා වැඩිපුර දකින්න පුළුවන් චිත්රපටයක්. කිසිම කම්මැලිකම්ක් නැතුව එක දිගට බලන්න පුළුවන්.
නගරේ තියෙන බලවත් පතාල කල්ලියක නායකයෙක්ගේ පුතාල දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නටම හොදට සටන් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලට ප්රතිවිරුද්ධ කල්ලියකුත් තියෙනවා, ඒකෙ නායකයා බෘනෝ. ඉතින් දවසක් මෙයාලගේ හොර බඩු වගයක් ෆෙඩරල් නියෝජිතයන්ට අහුවෙනවා. මේ අයියයි මල්ලි දෙන්නා එයාලගේ බඩු ගැන ඔත්තුව දුන්නේ කවුද හොයා හොයා ඉන්න අතර බෘනෝගේ කල්ලියේ ඉන්න බිග්ස් කියන කෙනාවත් අල්ලාගෙන ප්රශ්ණ කරනවා. එත් ප්රශ්ණකිරීම් අතර බිග්ස් මිය යනවා. ඉතින් ඕක බෘනෝට ආරංචි වෙනවා. ඒ අතරම මේ අයියා මලෝ දෙන්නගේ පියා කණ්ඩායමේ නායකත්වය මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙනවා, එත් අනිත් කෙනා හිත යටින් මේකට අකමැති වෙනවා. කොහොම හරි බෘනෝ මෙයාල දෙන්නවත් හොයනවා. එත් එක්කම අයියා මලෝ දෙන්න අතරත් ප්රශ්නයක්. ඉතින් මොනවයින් මොනවා වෙයිද කියලා බලන එක ඔයාලට බාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.