2018 ජුලි 23 තිරගත වුන මේ ෆිල්ම් එක හොර්රර් ෆිල්ම් එකක්. imdb අගය 5.9 ක්. අධ්යක්ෂණය Andy Mitton. රංගන දායකත්වය Arija Bareikis, Alex Draper, Charlie Tacker යන අය.
ඉතින් ෆිල්ම් එක ගැන කතාකලොත් මේ ෆිල්ම් එක සීමිත චරිත ගානක් යොදාගනිමින් තමයි කරලා තියෙන්නේ. කතාවේ ප්රධානියා වෙන්නේ ගෙවල් විකුනන්නෙක් ඒ කියන්නේ අඩුවට ගෙවල් අරන් ඒවා නැවත පින්තාරු කරලා තව කෙනෙක්ට පොඩි ලාභයක් තියාගෙන විකුනන්නෙක්. ඉතින් දවසක් ඔහුට අඩුවට පරණ ගෙයක් හම්බෙනවා ගම්මු නම් කියන්නේ මේ නිවසේ ඉස්සර මයාකාරියක් හිටියයි කියලා. ඉතින් මේ ගේ ගත්ත කෙනයි තමන්ගේ පුතයි නිවස අලුත්වැඩියා කරනකොට බොහෝ අකරතැබ්බවලට මුහුණ දෙනවා. ඒ වගේම මේ නිවාස වෙළෙන්දාගේ පවුලත් අවුල් ජාලාවක්. ඒ ගැනත් මේ ෆිල්ම් එකේ දක්නට ලැබෙනවා. කොහොම වෙතත් අපි හිතනවටත් වඩා හාත්පසින්ම වෙනස් අවසානයකින් තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් අරගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB RIP පිටපත් සඳහා අදාළ වේ.