Breaking News
Home / All / The Young Karl Marx (2017) Sinhala Subtitles | ලොවක් වෙනස් කළ විප්ලවවාදියෙකුගේ ආගමනය සිංහල උපසිරැසි

The Young Karl Marx (2017) Sinhala Subtitles | ලොවක් වෙනස් කළ විප්ලවවාදියෙකුගේ ආගමනය සිංහල උපසිරැසි

Rating: 5.0/5. From 1 vote.
Please wait...

නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ. 2 March 2017 ජර්මනියේ තිරගත කෙරුණු The Young Karl Marx චිත්‍රපටය අප කවුරුත් දන්නා කාල් මාක්ස්ගේ ජිවන කතාපුවත ගෙනැහැරපායි. August Diehl,Stefan Konarske,Vicky Krieps,Olivier Gourmet,Hannah Steele යන අය රංගනයෙන් දායක වන අතර මෙහි අධ්‍යක්‍ෂනය Raoul Peck වෙයි. ඒ වගේම තමයි මේ අද්විතිය කතාවේ IMDb අගය 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා.

කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් “කොමියුනිස්ට් ප්‍රකාශනය”(1848) සහ “දාස් කැපිටාල්” (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන් ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී. කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්‍රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය. මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය. කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.
ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ. බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස්
එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්‍ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය. ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ. බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්‍රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය. පසුව මෙම පුවත්පත වසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ. මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට  එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.

1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්‍රකාශනය මෙහිදී එළිදක්වයි. මෙම කම්යුනිස්ට් ප්‍රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය. එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්‍රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ  ලිපිවලින් පෙනීයයි.කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය. මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය. මාක්ස් දර්ශනයට අනුව ලෝකයේ සමාජ විකාශනය කොටස් 5කට බෙදෙනවා. ප්‍රාථමික සාමුහික සමාජය ( දඩයම්,ගල් හා එඩේර යුගයන්), වහල් සමාජය (බලය ඇති හා නැති ලෙස කොටස් කෙරුණු යුගය, මෙහි වහලෙකු සේම වහල් හිමියෙකුත් සිටියා), වැඩවසම් සමාජය (රජ කෙනෙකු සිටි අතර මෙහි විවිධ සමාජ පන්ති හෝ කුල පිහිටා තිබුනා), ධනවාදී සමාජය (මෙහි අනිකුන්ගෙන් වැඩ සිදුකරගන්නා වගේම වැඩ සිදුකරදෙන ලෙස සමාජ කොටස් දෙකක් පවතිනවා), සමාජවාදී සමාජය (මෙය සමාජයේ සැමට එක ලෙස සලකන පොදු අරමුණු වෙනුවෙන් ගමන් කරන සමාජයක් වෙනවා) ලෙස ඒවා හඳුන්වනවා. ධනවාදයෙන් පසුව ඇතිවන සමාජ ක්‍රමය විදියට මාක්ස් දර්ශනයේ සදහන් වන්නේ මේ සමාජවාදී ක්‍රමයයි. මේ දැක්ම සමාජයේ විශාල වෙනස්කම් රාශියකට මූලික වුණා.  ඊට උදාහරණ විදියට රුසියානු සමාජවාදී අරගලය, චීන සමාජවාදී අරගලය, ප්‍රංශ හා යුරෝපීය කම්කරු විප්ලව, උතුරු කොරියානු අරගලය, වියට්නාම් අරගලය වගේම අදත් පවතින කියුබානු සමාජවාදී රාජ්‍ය දක්වන්න පුළුවන්.  මෙවැනි අරගල හරහා කම්කරුවන් විශාල අයිතීන් ප්‍රමාණයක් දිනාගත් බවත් නොරහසක්. ඒ වගේම ඔහුගේ දර්ශනය​ හරහා චේ ගුවේරා, ලෙනින්, ෆිදෙල් කස්ත්‍රෝ, මාඕ සේතුං වැනි ලෝක පූජිත​ දේශපාලන චරිත බිහිකරන්නත් හැකියාව ලැබුනා. 

මොවුන් අතරින් ලෙනින් විශේෂයි. මන්ද, ඔහු මාර්ක්ස් දර්ශනය කාලයට සුදුසු ලෙස නැවත සකසා ජනතාව අතරට ගෙනයාම සිදුකරනු ලැබුවා. මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත. “මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි.” කාලයත් සමග මෙසේ ශ්‍රේෂ්ඨ චරිතයන් ජිවිතයෙන් සමුගත්තත් අද වනතුරුත් ඔවුන් ලෝකයට තිලිණ කල දේ රැදී පවතිනවා. ඒ නිසාම ඔවුන් අදත් සමාජ ගෞරවයට පත් වෙනවා. කාර්ල්ස් මාර්ක්ස් චරිතය අදත් බොහෝ පිරිසක් අතර ජීවමාන වී ඇත්තේ ඒ නිසාමයි.

The Young Karl Marx (2017) TrailarThe Young Karl Marx (2017) Wiki

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

46 Downloads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *