මේක english ෆිල්ම් එකක් කුතුහලය නම් උපරිම තියනවා. ඇමරිකන් වල තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අධ්යක්ෂණය Ben Foster, Mark Dennis යන අය. IMDb අගය 6.5 ක් හා ගුගල් පරිශීලකයින් 92% කකගේ කැමැත්ත ලැබී තිබෙනවා. ප්රධාන චරිත තමයි Cassidy Gifford, Reiley McClendon, Brianne Howey, Olivia Draguicevich, Max Wright.
මේ ෆිල්ම් එක ගැන හැදින්වීමක් කලොත් මේක සිද්ද වෙන්නේ ගවේෂණයක් කරන්න යන මහාචාර්යකෙනෙක් නිසා ඔහු තම ගවේෂණය අතරතුර හදිසියේම අතුරුදහන් වෙනවා. ඉතින් මේ මහාචාර්යතුමා හොයාගෙන කණ්ඩායමක් එනවා. ඔව්න් අනුමාන කරලා ගුහාවක් තුලට යනවා. මහාචාර්ය හොයාගෙන ඉතින් ඔහොම යද්දී ඔවුන් සිටින කාලය වෙනස් වෙනවා . හරියට කාල තරඟයක් සිදු වුනා වගේ. ඉතින් මොවුන්ට ගුහාව අතුලේදී මොකක් වෙයිද ඔවුන් සොයාගෙන ආපු මේ ගුහාවේ ඉදිද, ආපසු එයිද කියල කතාව බලන්නකෝ. මේ කතාව කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.