බොලිවුඩ් වලින් ආපු හොදම hrror ෆිල්ම් එකක් කියන්න පුළුවන් මේක. මොකද මේකේ IMDB අගයත් 8.8 ක් ලබාගෙන තියනවා. මේ ෆිල්ම් එක අනිත් හින්දි ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් කෙල්ලෝ කොල්ලෝ නටන ඒවා නම් මේකේ ඇත්තෙම නෑ. අනික තමයි අපට හුරු පුරුදු බොලිවුඩ් තරුත් ඇත්තෙම නෑ. ගොඩක් අය මේ ෆිල්ම් එක අත ඇරලා දාන්න හැදුවත් මේක ෆට්ට ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂණය තිදෙනක් අතින් තමයි කරලා තියෙන්නේ Rahi Anil Barve, Anand Gandhi, Adesh Prasad යන අය. මේ ෆිල්ම් එකේ ඉන්නේ නම් අලුත් නළු නිලියෝ ඉතින් ඒ ගැන කියන්නේ නෑ. තව දෙයක් කියන්න ඕනි ඒ තමයි මේ ෆිල්ම් එක ජනප්‍රිය සම්මාන උළෙලවල් සදහාද නිර්දේශ වෙලා තයනවා.
කතාව බලමුකෝ ඉන්දියාවේ විවිද ආගම් වගේම විවිධ ඇදහිලි විශ්වාස, විවිධ සම්ප්‍රදායන් දක්නට ලැබෙනවා. මේ කතාවත් අන්න ඒ කියපු ඒවා එක්ක ඍජුව සම්බන්ද වෙනවා. සෞභාග්‍යයයේ දේවතාවිය විසින් මිලියන 160ක් දෙවිවරු පෘතුවියට බිහි කරා. ඒ අතරින් හස්තර් තමයි ඇගේ හුරතලා වුණේ. ඉතින් මේ හස්තර් දෙවිවරුනේ රත්තරන් වලට කෑදරකමක් ගිජුකමක් දැක්වුවා. ඔහු ඒවා හොරකම් කළා, ඉතින් දෙවිවරු ඔහුට පහාර දුන්නා. ඔහු මැරෙන්නම යද්දී දේවතාවිය ඔහුව බේරාගත්තා එක කොන්දේසියක් පිට, ඒ තමයි ඔහුව වන්දනාමාන කරන දෙවි කෙනෙක් හැටියට නොපිලිගනිමත් අතීතයෙන් ඔහුගේ නම මකා ඉවත් කිරීමත් උඩ. ඔහොම කාලය ගෙවීගෙන යද්දී මුතුන් මිත්තන් ඔහුව මතක් කළා ඔහු නමින් මාලිගයක් තැනුවා ඉතින් මේ නිසා අනිත් දෙවිවරු කෝපයට පත් වුණා. ඉතින් මේ කෝපය, උදහස වැස්සක් වෙලා තුම්බඩ් වලට ඇදහලෙනවා කියලා කතාවකුත් තියනවා. කොහොම වුනත් හස්තාර් නිදන් කරපු වස්තුව පිළිබද ඒ මනුස්සයෙක්ට අහන්න ලැබෙනවා. ඔහු හා ඔහුගේ පුතා යනවා මේ නිදානේ හොයන්න ඉතින් බලන්න මොකෝ වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා ගැළපේ.