2018 අප්‍රේල් 27 වෙනිදා තිරගතවීම් ආරම්භ කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Gireesh Damodar. IMDb වල 7.1ක් වැනි ඉහල අගයක් ගෙන තිබෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සදහා පනපොවන්නේ මලයාලම් සිනමාවේ ඔබ අප කවුරුත් හොදින් අදුනන Mammootty විසින්.
සෘති කියන්නේ ඌටි වල විද්‍යාලයක ඉගෙනගන්න ශිෂ්‍යාවක්. විද්‍යාලයේ වර්ජනයක් නිසා මෙයා කිලෝමීටර සියගානක් ඇතින් තියෙන මෙයාගේ ගම වෙන කොලිකඩ් වලට යන්න පිටත් වෙනවා. කොහොම හරි එදා බස් නැති නිසා මෙය කෝච්චියෙන් යන්න හිතාගෙන ස්ටේෂන් එකට යනවා. එත් අතරමගදී මෙයාට ක්රිෂ්ණ කුමාර් අංකල් හම්බෙනවා. මෙයා සෘතිගේ තාත්තගේ හොදම යාලුවෙක්. මෙතනින් එහාට කතාව ඔයාලට භාරයි.
විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ අනිත් ඒවා වල වගේ ගහගැනිලි, ආදර සිද්ධි, සිංදු එහෙම නැහැ. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් අමුතුම විදිහේ අලුත් චිත්‍රපටයක් කියන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.