2018 ජුනි 1 සිට තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Leigh Whannell. රංගනය දක්වන්නේ Logan Marshall-Green, Richard Anastasios, Rosco Campbell සහ Richard Cawthorne, Steve Danielsen යන අය. 7.7 ක ඉහල IMDb අගයක් සහ රෝටන් ටෝමාටෝ වල 85%ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටය Action, Horror, Sci-Fi, Thriller කාණ්ඩයන් නියෝජනය කරන්නේ.
කතාව කෙටියෙන් කියනවා නම් ලෝකයේ 95%ක් ම පාලනය වෙන්නේ යන්ත්‍රෝපකරණවලින්. කොටින්ම කියනවා නම් කන බොන දේ පවා නිර්මාණය වෙන්නේ යන්ත්‍ර මගින්. එත් මේ වගේ ලෝකයක පරණ මෝටර් රථ වලට ආසකරන පරණ තාලයට ඉන්න කැමති කෙනෙක් තමයි ග්‍රේ. ඔහු විවහා වෙලා ඉන්නේ ආශා එක්ක. ඇය මිනිස් ශරීරය සහ බැඳුන රොබෝ උපකාරක මෙවලම් නිර්මාණය කරනා ආයතනයක ලොකු තැනක ඉන්නා කෙනෙක්. එක් දිනක් පිරිසක් විසින් ආශා හට වෙඩි තබා මරා දමනවා. ඒ වගේම ග්‍රේ ගේ කොදු ඇට පෙලට හානි කරමින් ඔහුවද අබ්බගාත කරනවා. ඉතින් මේ කතාවේ ඉතුරු ටික බලන එක ඔයාලට බාරයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් බව. ඉතින් ඔයාලත් මේ සුපිරිම චිත්‍රපටය බලන්න, චිත්‍රපටයේ අවසානයේදී ඔබව පුදුම කරමින් කතාව උඩු යටිකුරු වන බවක් දැකගන්න පුළුවන් වේවි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.